Friday, April 23, 2010

නිශා (The Night)


අහා...!
කොපමණ මනහර ද ඇය...?
නිශා......ඇගේ දෑස්,
නිල්වන් දීප්තිමත් ගිනිදැල්,
සිනිඳු හිමකැට පටලයක පැටලී සුසැදි,
පළිඟුවන් නිල්මිණි යුවලක්..,
උණුසුම නොව සිසිලස බෙදමින් දැල්වෙන...
ඇගේ සුසිනිඳු වත,
සමකළොත් සඳ දෙව්දුවට..,
මං හිතන්නෙ ඇයට කරන මදිකමක්...!
කොලු බසින් පවසතොත්,
වැඩක් නෑ....කියලා....,

එනමුදු,
ඇගේ හදවත,
පෙනුමෙන් ඉඳුරා වෙනස්...
උපමාවකින් දක්වතොත්,
අඳුරුයි, ගුප්තයි, බිහිසුණුයි...
හරියට කුරිරු ගොර සපුන්ගෙන් සපිරුණු
සුවිසල් තුඹසක් මෙන් ෴

5 comments:

  1. නියම කවියක් ! දිගටම ලියන්න, ජයවේවා !

    ReplyDelete
  2. Nice work buddy...! Keep it up !

    ReplyDelete
  3. Simple, but very very creative....!

    ReplyDelete
  4. Oyage nirmanaye amuthuma hada kithi kavena gathiyak thiyenawa. harima mihiri kaviyak. thawat kavi liyanna

    ReplyDelete