Saturday, June 12, 2010

හඳපළුව හා එක තරුව...!



දුරු රටක,
පසල් දනව්වක් මැද,
අඳුරු කුටියක හුදෙකලාවෙන්....
නින්ද නැති මහ රෑ..,

කුටියෙන් පිටතට විත්
නැරඹීමි.... එළිමහන,
වීථි එළියයි..... නමුත් පාළුයි !
අහස් කුස මැද,

හඳ මඩල
අටෙන් එකකට පායලා....
වඩා විමසිලිමත්වීමි, මම
හුටා.........
ඈතින් තනිවුණු එක් තරුවක්,
මා දෙසම,
දිදුලන දෑසින් බලා සිටින හැටි,
පුදුමයි........!
හිටියත් ඈත දුරක,
දැනුනු හැටි
හිත් පිත් නැති උඹට,
මගේ තනිකම....
මහද මිහිරි ලෙස,
සසල වනු
දැනුනි මට...෴

No comments:

Post a Comment